
ආපදාවට ලක් වූ ජලපොම්පාගාර 156 කින් 154 ක් සක්‍රියයි
ජාතික ජලසම්පාදන මණ්ඩලය සතු ආපදාවෙන් හානියට පත් ජල සම්පාදන ක්‍රම 156 අතුරින් එක් මධ්‍යස්ථානයක් හැර සෙසු මධ්‍යස්ථාන මේ වන් විට යථාවත් කර ඇතැයි එම මණ්ඩලයේ වැඩබලන සභාපති ඉංජිනේරු උපාලි රත්නායක මහතා පවසනවා.
ඔහු පැවසුවේ ජල සම්පාදනය සතු දිවයින පුරා ඇති ජල සම්පාදන මධ්‍යස්ථාන 342 ක් පවතින බවත් ඉන් 156 කට පසු ගිය ආපදා තත්ත්වය හේතුවෙන් ජල සැපයුමට බාධා පැමිණි බවයි.
ජලයෙන් යට වූ පොම්පාගාරවල මෝටර් ගලවා නැවත පවිත්‍ර කර සවිකිරීමට සිදුවූ බවත් මේ වන විට දිවයිනේ සමස්ත ජල සැපයුමෙන් සියයට 90 ක් සපුරා ඇති බවත් වැඩ බලන සභාපතිවරයා පැවසුවා.
ඔහු පෙන්වා දුන්නේ ගෙලිඔය – ඇල්පිටිය ජල පොම්පාගාරය අද දිනය තුල සියයට 50 ක පමණ වැඩ අවසන් කළ හැකි වනු ඇති බවත් මාතලේ – විල්ගමුව ජල පොම්පාගාරය වැලිවලින් යටවීම නිසා තවමත් ක්‍රියාත්මක කිරීමට අපහසු වී ඇති බවයි.
විල්ගමුව පොම්පාගාරය සක්‍රිය කර ගැනීමට අවශ්‍ය වැලි ඉවත් කිරීම සඳහා මේ වන විට යුද හමුදා සහාය ඉල්ලා ඇති බවත් ඉංජිනේරු උපාලි රත්නායක මහතා සඳහන් කළා.
දැනට ජල සැපයුමේ දී යම් අඩුපාඩු ඇති තැන් සඳහා ජල බව්සර් යොදවා ඇති බවත් වැඩබලන සභාපතිවරයා පැවසුවා.
