ආපදාවෙන් මියගිය පිරිස 611 ක් – 213 ක් තවමත් අතුරුදන්

ආපදාවෙන් මියගිය පිරිස 611 ක් – 213 ක් තවමත් අතුරුදන්

දිවයිනටම බලපෑ දරුණු සුළි කුණාටුවෙන් සහ ගංවතු‍රින් මිය ගිය පිරිස 611 ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක් වෙන්නේ තවදුරටත් පුද්ගලයින් 213 දෙනකු අතුරුදන්ව සිටින බවයි.

ආපදා තත්ත්වයෙන් විපතට පත් පවුල් සංඛ්‍යාව 576,626 ක් වන අතර ඊට පුදගලයින් 2,054,535 ඇතුලත්.

පූර්ණ නිවාස හානි 4,309 ක් ලෙස දැක් වෙන අතර අර්ධ නිවාස හානි සංඛ්‍යාව 69,635 ක්.

සු‍රක්ෂිතතා මධ්‍යස්ථාන 956 ක් තවදුරටත් පවුල් 33,622 කට අයත් පුද්ගලයින් 114,126 ක් රැදී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිවේදනයේ තවදුරටත් සඳහන්.

Share This