
ආපදා තත්ත්වය නිසා සතියක් මස් විකිණීම තහනම්
සතියක කාලයක් ගව මස්, එළු මස්, ඌරු මස් විකිණීම පිණිස ගබඩා කර තබා ගැනීම, සහ මස් පිණිස සතුන් ඝාතනය කිරීම මන්නාරම දිස්ත්‍රික්කය තුළ තහනම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා පවසන්නේ, මියගිය සතුන්ගේ මස් මිනිස් පරිභෝජනයට පැමිණීම වැළැක්වීම මෙහි අරමුණ බවයි.
ආපදාවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ගවයන් ඇතුළු ගොවිපළ සතුන් විශාල වශයෙන් මියගියා.
