ආයුධයකින් පහරදී ගල්කිස්සේදී පුද්ගලයෙකු මරුට

ආයුධයකින් පහරදී ගල්කිස්සේදී පුද්ගලයෙකු මරුට

ගල්කිස්ස ප්‍රදේශයේදී අද(16) අලුයම පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

52 හැවිරිදි වියේ පසුවූ බොරුපන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සිය නිවස තුළ නිදා සිටියදී එම පුද්ගලයා මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව සඳහන්.

නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share This