ආරක්‍ෂක නියෝජ්‍ය  අමාත්‍යවරයා  යුද්ධ හමුදාවේ පතුරම් සහ යුද්ධෝපකරණ ගබඩා පහසුකම් නිරීක්ෂණයක

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා යුද්ධ හමුදාවේ පතුරම් සහ යුද්ධෝපකරණ ගබඩා පහසුකම් නිරීක්ෂණයක

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා යුද්ධ හමුදාවේ පතුරම් සහ යුද්ධෝපකරණ ගබඩා පහසුකම් නිරීක්ෂණයක නිරත වුණා.

මේ අවස්ථාවට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගු මහතා ද එක්ව සිටියා.

පතොරොම් ගබඩාවල තත්ත්වය පරීක්ෂා කළ නියෝජ්‍ය අමාත්‍යවරයා වත්මන් මෙහෙයුම් සහ ආරක්ෂක සූදානම පිළිඹදව ද සමාලෝචනයක නිරතවී තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජ්‍යාෂ්ඨ හමුදා නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් ද සිදුකළ බවයි.

එහිදී පතොරොම් සහ යුද්ධෝපකරණ ගබඩාවල ආරක්ෂාව සහ සුරක්ෂිතතාවන් වැඩිදියුනු කිරීම පිළිඹදව සහ හදිසි ප්‍රතිචාර සැලසුම් සංවර්ධනය පිළිඹදව ද අවධානය යොමුව තිබුණා.

 

Share This