ආරක්ෂක සාකච්ඡා සඳහා චීනයේ ඉහළම නියෝජිත වැන්ග් යී රුසියාවට

ආරක්ෂක සාකච්ඡා සඳහා චීනයේ ඉහළම නියෝජිත වැන්ග් යී රුසියාවට

යුක්‍රේනයට එරෙහි සිය යුද්ධය සඳහා මොස්කව් අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කරන බැවින් චීනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික වැන්ග් යී ආරක්ෂක සාකච්ඡා සඳහා රුසියාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

වැන්ග් යී ගේ සංචාරය රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට ඉක්මනින්ම බීජිං වෙත සුවිශේෂී සංචාරයක් කිරීමට මග පාදනු ඇතැයිද විදෙස් මාධ්‍ය පවසනවා

මේ මස මුලදී රුසියානු ජනාධිපතිවරයා චීන ජනාධිපති ෂී ජින්පින් හමුවීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළ නමුත් එය කවදාදැයි ප්‍රකාශ කර තිබුනේ නැහැ

යුක්‍රේනයේ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය රුසියානු ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පසු ඔහු විදේශගත වී නැති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

චීනයේ විදේශ අමාත්‍යාංශය පවසන්නේ වැන්ග් යී උපායමාර්ගික ආරක්ෂක උපදේශන සඳහා දින හතරක් රුසියාවේ රැඳී සිටින බවයි.

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ව ඔහු මුණගැසෙන බවත් ඔවුන් දෙදෙනා යුක්‍රේනය සම්බන්ධයෙන් පවතින ගැටළු සහ ආසියා-පැසිෆික් ආරක්ෂාව පිළිබඳව සාකච්ඡා කරන බවත් මොස්කව් ප්‍රකාශ කර තිබෙනවා

Share This