ආරක්ෂක හමුදා ගාසා නගරය වටකර ක්‍රියාත්මක වනවා – ඊශ්‍රායල අගමැති

ආරක්ෂක හමුදා ගාසා නගරය වටකර ක්‍රියාත්මක වනවා – ඊශ්‍රායල අගමැති

ඊශ්‍රායල ආරක්ෂක හමුදා ගාසා නගරය වටකර ක්‍රියාත්මක වන බව එරට අගමැති Benjamin Netanyahu පවසනවා

මේ අතර ගැටුම අවසන් වූ විට ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරය යළි අත්පත් කර ගැනීමට එක්සත් ජනපදය විරුද්ධ වනු ඇතැයි ධවල මන්දිරය ප්‍රකාශ කර තිබෙනවා

ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි වාර්තාකරුවන්ට පවසා තිබෙන්නේ ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය මිතුරන් වන නමුත් සෑම ප්‍රශ්නයකටම එකඟ විය යුතු නැති බවයි.

එමෙන්ම එක්සත් ජනපද පුරවැසියන් 400 කට වැඩි පිරිසක් මේ වන විට ගාසා තීරයෙන් රෆා හරහා ඊජිප්තුවට ගොස් ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා

Share This