ආර්ජන්ටිනාවේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

ආර්ජන්ටිනාවේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

ආර්ජන්ටිනාවේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එරට සෞඛ්‍ය අංශ පැවසුවේ මේ වන විට ඩෙංගු උණ වැළදීම හේතුවෙන් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් ඇති අතර රෝගීන් 60,000කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබන බවයි

ඒ අනුව ආර්ජන්ටිනාවේ වයඹ දිග ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බව සඳහන්.

එමෙන්ම එරට සල්ටා, (Salta) ටුකුමාන් (Tucumán) සහ ජුහුයි (Jujuy) යන පළාත්වලින් ඩෙංගු මරණ වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා

එරට ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මදුරු කීටයින් යොදා ගනිමින් විද්‍යාගාර තුළ පර්යේෂණ සිදු කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පැවසුවේ

මීට අමතරව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කෘමි විකර්ෂක භාවිතය සහ මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම ඇතුළු මදුරු මර්දනය සදහා අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙසයි

කෙසේ වෙතත් 2020 වසරේ දී ද එරටින් ඉහළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණා.

Share This