ආර්මේනියාව අසර්බයිජානයට එරෙහිව සටන් කිරීමට අවි මිලට ගනී

ආර්මේනියාව අසර්බයිජානයට එරෙහිව සටන් කිරීමට අවි මිලට ගනී

පාකිස්ථානයේ සහ තුර්කියේ සමීප සගයෙකු වන අසර්බයිජානය සමඟ අඛණ්ඩව පවතින ගැටුම් මධ්‍යයේ කාලතුවක්කු පද්ධතියක් මිලදී ගැනීමත් සමඟ ආර්මේනියාව සිය ආරක්ෂාව තර කර ගැනීමට ඉන්දියාව දෙසට හැරී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

නාගෝර්නෝ-කරබාක් කලාපයේ පාලනය සඳහා සටන් කිරීමට ආර්මේනියාව පසුගිය මාස දෙක තුළ ඉන්දියාවෙන් බර අවි නාශක මිසයිල, මල්ටි බැරල් රොකට් විදින යන්ත්‍ර සහ අනෙකුත් වර්ගයේ යුද උපකරණ ලබාගෙන ඇති බව සඳහන්.

ආර්මේනියාවේ ආයුධ ලැයිස්තුවට එක්කරන නවතම උපකරණය වන්නේ පූනේ පදනම් කරගත් පුද්ගලික ආරක්ෂක සමාගමක් වන Bharat Forge විසින් නිෂ්පාදනය කරන ලද 155mm 39- කැලිබර් කාලතුවක්කු පද්ධතියයි.

මෙය තවමත් ඉන්දීය යුධ හමුදාව විසින් සපයා ගෙන නොමැති දේශීය තුවක්කු පද්ධති කිහිපයක නිෂ්පාදකයා වන කල්‍යාණි සමූහයේ පළමු කාලතුවක්කු ඇණවුම ද සඳහන්.

ඇමරිකානු ඩොලර් මිලියන 155 (රුපියල් කෝටි 1,200 කට වැඩි) ඇණවුමක් වන මෙහි ගැනුම්කරු ලෙස ආර්මේනියාව හඳුනාගෙන ඇති අතර තුවක්කු පද්ධති කල්‍යාණි සමූහයේ පූනේ හි පිහිටි මධ්‍යස්ථානයේ දී නිෂ්පාදනය කෙරෙන අතර ඉදිරි වසර තුන තුළ අදියර වශයෙන් ගැනුම්කරු වෙත ලබා දීමට නියමිතයි.

කෙසේවෙතත්, ආර්මේනියාව ඉන්දීය ආරක්ෂක පද්ධති මිලදී ගත් පළමු අවස්ථාව මෙය නොවන අතර මෙම වසරේ සැප්තැම්බරයේදී මල්ටි බැරල් රොකට් විදිනයන්, ටැංකි නාශක මිසයිල සහ පතොරම් මිලදී ගැනීම සඳහා ඉන්දියාව සමඟ ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

Share This