ආසියානු කුසලාන තරගයේදී ඉන්දියාවට සටනක් දී ශ්‍රී ලංකාව ගෞරවනීය පරාජයකින් අවසන් කරයි (VIDEO)

ආසියානු කුසලාන තරගයේදී ඉන්දියාවට සටනක් දී ශ්‍රී ලංකාව ගෞරවනීය පරාජයකින් අවසන් කරයි (VIDEO)

ආසියානු කුසලාන T20 තරගාවලියේ ශ්‍රී ලංකාව – ඉන්දියාව සමග පැවති අවස්න් තරගය ගෞරවාන්විතව නිම කිරීමට ඊයේ සමත් වුණා.

ලකුණු 203 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව ලකුණු සමවීම නිසා සුපිරි පන්දුවාරයේ දී ඉන්දියාව ජය තවුරු කර ගත්තා.

පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දියාව කඩුලු 5කට 202 ක් නියමිත පන්දුවාර 20 දී ලබාගත්තේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් තඹයකට මායිම් නොකරමින්.
අභිෂේක් ෂර්මා ලකුණු 61 සහ තිලක් වර්මා ලකුණු 49 ලබා ඉන්දියාව ජයග්‍රාහී ඉලක්කයක් වෙත රැගෙන ගියා.
මහේෂ් තීක්ෂණ ලකුණු 36 ට කඩුළු 1 යි.

පිළිතුරු ඉනින ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු නොලබා පිටියෙන් ඉවත් කිරීමට හර්දික් පාන්ඩ්‍යා සමත් වුණා.

කුසල් පෙරේරා ලකුණු 58 ක් එක්කළේ මන්දු 32 ක් තුලයි.

පැතුම් නිශ්ශංක ගේ අමතක නොවන ශතක ලාභී ඉනිම ඩුබායි පිටිය වර්ණවත් කළා.

සිය T20 තරග දිවියේ පළමු ශතකය පැතුම් රැස් කළේ පන්දු 58 ක් තුල වීම කැපී පෙනුණා.

පැතුම් ලකුණු 107 කට දැවී යද්දී පිටියට එක් වූ දසුන් ශානක සහ ජනිත් ලියනගේ එක්ව ලකුණු 202ක් දක්වා ලකුණු ප්‍රමාණය ගෙන එමින් තරගය සම ලකුණු බවට පත් කළා.

හර්දික් පාන්ඩ්‍යා,වරුන් චක්‍රවර්ති, හර්ශිත් රනා, කුල්දීප් යාදව් අතර කඩුළු 1 බැගින් බෙදී ගියා )

ඉන්දියාව ජයග්‍රහණය කළේ සුපිරි ඕවරය තුලයි.

එම ඕවරය තුල ශ්‍රී ලංකාවට කඩුළු දෙකක් දැවී ‍රැස්කළ හැකි වූයේ ලකුණු 2 ක් පමණයි.

ඉන්දියාව ජයග්‍රහනයට අවශ්‍ය ලකුණු 3 පහසුවෙන් රැස් කළා.

Share This