ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලට චීනය සූදානම්

ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලට චීනය සූදානම්

චීනයේ හාර්බින් හි පැවැත්වෙන 2025 වසරේ ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලෙහි සමාරම්භක උත්සවය පෙබරවාරි මස 07 වන දා පැවැත්වීමට මේවන විට සියලු කටයුතු සූදානම් බව වාර්තා වනවා.

උළෙලේ ක්‍රීඩා තරඟ ආරම්භ වන්නේ සමාරම්භක දිනට පෙර දිනයේ දී වන අතර ඒ හොකී තරඟයකින්.

ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල පෙබරවාරි 14 වන දින අවසන් වීමට නියමිතයි.

මේ අතර හාර්බින් හි පැවැත්වෙන 2025 ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට සතියක් ඉතිරිව තිබියදී, එහි ප්‍රධාන මාධ්‍ය මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු ඊයේ (31) නිල වශයෙන් ආරම්භ වුණා.

Harbin ජාත්‍යන්තර සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන සහ ක්‍රීඩා මධ්‍යස්ථානයේ පිහිටා ඇති මෙම මාධ්‍ය මධ්‍යස්ථානය, ප්‍රධාන මුද්‍රණාලයකින් සහ ජාත්‍යන්තර විකාශන මධ්‍යස්ථානයකින් සමන්විත වනවා.

ක්‍රීඩා උළෙල සඳහා ලියාපදිංචි වී සිටින මාධ්‍ය සහ විකාශකයින් සඳහා භාෂා සහ මාර්ගෝපදේශක සේවා සැපයීමට එහි ස්වේච්ඡා සේවකයින් සූදානමින් සිටින අතර, එම ස්ථානයේ විදේශ මුදල් හුවමාරු අලෙවිසැල් ද ඇති බවයි වාර්තා වන්නේ.

Share This