ආසියාවේ වේගවත්ම උද්ධමනය පාකිස්ථානයේ

ආසියාවේ වේගවත්ම උද්ධමනය පාකිස්ථානයේ

ආසියාවේ වේගවත්ම උද්ධමනය හිමි රට බවට පාකිස්ථානය පත්ව ඇති බව Bloomberg වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ආහාර හා බලශක්ති පිරිවැය ඉහළ යාම හේතුවෙන් එරට උද්ධමනය අප්‍රේල් මාසයේ දී වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි එම වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

පාකිස්ථානයේ උද්ධමනය පෙර වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව 36.4% කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

පාකිස්ථාන රුපියල මෙම වසරේ දී ගෝලීය වශයෙන් අයහපත්ම මුදල් ඒකකය බවට පත්වනු ඇති අතර අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව එය 20% කින් පමණ පහළ යනු ඇති බව Bloomberg වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකින් යථා තත්ත්වයට පත්වීමේ සලකුණු මේ වන විට පෙන්නුම් කර ඇති බවයි එම වෙබ් අඩවිය පෙන්වා දී ඇත්තේ.

අමෙරිකානු ඩොලර් බිලියන 6.5 ක IMF ණය වැඩසටහන සඳහා වන කොන්දේසි සපුරාලීමට පාකිස්ථාන බලධාරීන් විසින් සිදු කළ යුතු බදු සහ ඉන්ධන සංශෝධන සිදු කිරීමෙන් පසු එරට උද්ධමනය තවදුරටත් ඉහළ යනු ඇති බවට අපේක්ෂා කරන බව Bloomberg වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

Share This