ආසියාව මුහුණ දෙන ප්‍රධාන අභියෝග

ආසියාව මුහුණ දෙන ප්‍රධාන අභියෝග

ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ මානව හිමිකම්, දේශගුණික විපර්යාස සහ වෙළඳ ඒකාබද්ධතාවය ආසියාව මුහුණ දෙන ප්‍රධාන අභියෝග බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.

ටෝකියෝ හි පැවැත්වෙන ආසියාවේ අනාගතය පිළිබඳ ‘නික්කෙයි’ සමුළුවේ දේශනයේදී ඔහු පෙන්වා දුන්නේ ආසියානු රටවල මානව හිමිකම් පිළිබඳ විවිධ දේශපාලන ක්‍රම සහ නිර්වචනවලට ගරු කිරීමේ වැදගත්කමයි.

ආසියාවට සැලකිය යුතු තර්ජන එල්ල කරන දේශගුණික විපර්යාස පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ‘නික්කෙයි’ සමුළුව අමතමින් අවධාරණය කළ අතර, එය කලාපයේ උෂ්ණත්වය ඉහළ යාම, දරුණු කාලගුණික තත්ත්වයන් සහ මුහුදු මට්ටම ඉහළ යාම, ආසියානු රටවල ජීවනෝපාය, ආහාර සුරක්ෂිතතාව සහ අපනයන කෙරෙහි බලපෑම් ඇති කරන බව ද කියා සිටියා.

Share This