ආහාර ආනයනය තහනම් කිරීම සම්බන්ධයෙන් යුක්‍රේනය රටවල් කිහිපයකට නඩු පවරයි

ආහාර ආනයනය තහනම් කිරීම සම්බන්ධයෙන් යුක්‍රේනය රටවල් කිහිපයකට නඩු පවරයි

Kyiv වෙතින් ආහාර ආනයනය තහනම් කිරීම සම්බන්ධයෙන් යුක්‍රේනය ලෝක වෙළඳ සංවිධානය හරහා (WTO) ස්ලෝවැකියාව, පෝලන්තය සහ හංගේරියාවට එරෙහිව නඩු පවරා තිබෙනවා

එවැනි සීමා කිරීම් යුක්රේනයේ යුරෝපා සංගමයේ අසල්වැසියන් විසින් ජාත්‍යන්තර බැඳීම් උල්ලංඝනය කිරීමක් බව එහි සඳහන් වේ.

තම ගොවීන් ලාභ ආනයනයෙන් ආරක්ෂා කර ගැනීමට මෙම තහනම අවශ්‍ය බව ඔවුහු පවසති.

පසුගිය වසරේ රුසියාව විසින් යුක්‍රේනය වෙත පුර්ණ පරිමාණයෙන් ආක්‍රමණය කිරීම නිසා කළු මුහුදේ ප්‍රධාන නැව් මාර්ග වසා දමා විකල්ප ගොඩබිම් මාර්ග සොයා ගැනීමට යුක්‍රේනයට සිදුවුණා

එය මධ්‍යම යුරෝපයේ විශාල ධාන්‍ය ප්‍රමාණයක් අවසන් වීමට හේතුවූ බවයි පැවසෙන්නේ

යුක්‍රේන ධාන්‍ය නැව්ගත කිරීම් අඩු කරන බවත් දේශීය වෙළඳපල විකෘති කරන බවත් පවසමින් එම රටවල ගොවීන් විරෝධතා රැලි පවත්වා තිබෙනවා

සාමාජිකයින් 27කින් යුත් යුරෝපා සංගම් කණ්ඩායම යුක්‍රේනය, හංගේරියාව, පෝලන්තය, ස්ලෝවැකියාව මෙන්ම බල්ගේරියාව සහ රුමේනියාව වෙත ආනයනය කිරීම සඳහා වෙළඳ සීමා කිරීම් වලට මෙම වසර මුලදී එකඟ ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මේ අතර යුක්‍රේනයේ ආර්ථික අමාත්‍ය යුලියා ස්විරිඩෙන්කෝ පවසන්නේ “එක් එක් සාමාජික රටවලට යුක්‍රේන භාණ්ඩ ආනයනය තහනම් කළ නොහැකි බව ඔප්පු කිරීම අපට තීරණාත්මක ලෙස වැදගත් වන බවත් අපි ස්ලෝවැකියාව, පෝලන්තය සහ හංගේරියාව වෙත නඩු පවරන්නේ එම නිසා බවත් පවසා සිටිනවා

ඒකපාර්ශ්වික තහනම් කිරීම් හේතුවෙන් යුක්‍රේන අපනයනකරුවන් දැනටමත් අපහසුතාවලට ලක්ව ඇති අතර අඛණ්ඩව සැලකිය යුතු පාඩු විඳිමින් සිටින බව ද යුක්‍රේනයේ ආර්ථික අමාත්‍ය යුලියා ස්විරිඩෙන්කෝ වැඩිදුරටත් සඳහන් කරනවා

ලොව විශාලතම සැපයුම්කරුවන් අතර යුක්‍රේනය සිටින අතර සූරියකාන්ත තෙල්, තිරිඟු, බාර්ලි සහ බඩ ඉරිඟු වැනි බෝග සැපයුම් කරනවා

2022 පෙබරවාරි මාසයේදී රුසියාවේ පුර්ණ පරිමාණ ආක්‍රමණය සහ යුක්‍රේනයේ කළු මුහුදේ වරාය අවහිර කිරීම නිසා අපනයනය සඳහා තිබූ ධාන්‍ය ටොන් මිලියන 20ක් පමණ සිරවී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

මෙය ලෝක ආහාර මිල ඉහළ යාමට හේතු වූ අතර මැද පෙරදිග සහ අප්‍රිකාවේ ආහාර හිඟයක් ඇති කිරීමටද බලපෑම් කරනු ලැබුවා

Share This