ඇග්නස් කුණාටුව නිසා අයර්ලන්තයට දැඩි බලපෑම්(VIDEO)

ඇග්නස් කුණාටුව නිසා අයර්ලන්තයට දැඩි බලපෑම්(VIDEO)

අයර්ලන්ත දූපතට බලපෑ ඇග්නස් කුණාටුව හේතුවෙන් ඇතිවූ දැඩි වර්ෂාව සහ තද සුළං නිසා ලන්ඩන්ඩෙරි ප්‍රාන්තයේ ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙනවා

එමෙන්ම ගංගාවක ගසාගෙන ගොස් සිරවී සිටි කාන්තාවක් බේරා ගැනීමට උතුරු අයර්ලන්ත ගිනි නිවීමේ සහ ගලවා ගැනීමේ කණ්ඩායම්වල සාමාජිකයින් 30 කට වැඩි පිරිසක් සහභාගී වූ බවයි පැවසෙන්නේ]

එම කාන්තාව ප්‍රතිකාර සඳහා ඇන්ට්‍රිම් ප්‍රදේශයේ රෝහලකට ගෙන ගොස් තිබෙනවා

උතුරු අයර්ලන්තයේ ඇග්නස් කුණාටුව හේතුවෙන් ගුවන් ගමන්වලටද බාධා එල්ලවී ඇති බවයි සඳහන් වන්නේ.

අයර්මාග් ප්‍රාන්තයේ Poyntzpass ප්‍රදේශය ඇතුළු උතුරු අයර්ලන්තය පුරා 300කට ආසන්න පිරිසකට අයහපත් කාලගුණය හේතුවෙන් තවමත් විදුලිය විසන්ධි වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවද සඳහන් වනවා

Share This