ඇනා කුණාටුව මලාවි,මැඩගස්කරය සහ මොසැම්බික් යට කළ හැටි (PHOTOS )

ඇනා කුණාටුව මලාවි,මැඩගස්කරය සහ මොසැම්බික් යට කළ හැටි (PHOTOS )

දකුණු අප්‍රිකාවට බලපෑ ඇනා සුළි කුණාටුව නිසා ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් කලාපය පුරා 70කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මැඩගස්කරය අවම වශයෙන් මරණ 48 ක් වාර්තා වී  ඇති අතර 130,000 පුද්ගලයින්ට තාවකාලික නවාතැන් සඳහා තම නිවෙස්වලින් ඉවත්වී යන ලෙසට දැනුම් දී තිබෙනවා

මලාවිහි අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

රට පුරා විදුලිය විසන්ධි වී ඇති අතර සමහර ප්‍රදේශ ආපදා කලාප ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ අතර මොසැම්බික් හි මරණ 18 ක් වාර්තා වී තිබෙනවා

එහෙත් එහි සිටින නිලධාරීන් පවසන්නේ ගංවතුරෙන් 20,000ක් විපතට පත්වී ඇති අතර සැබෑ සංඛ්‍යාව තවමත් නොදන්නා බවයි.

ඇනා සුළි කුණාටුව මොසැම්බික්හි, විදුලි රැහැන් බිම හෙළමින් නිවාස 10,000ක් සහ පාසල් සහ රෝහල් දුසිම් ගණනක් විනාශ කර තිබෙනවා .

කුණාටු තත්ත්වය පහව ගියත් ඇතැම් ප්‍රදේශවලට තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇද හැලෙමින් පවතින අතර එය ගංවතුර   තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව සඳහන්.

මේ අතර අවතැන් වූ සහ තුවාල ලැබූ දහස් ගණනකට ප්‍රතිකාර කිරීම සඳහා හදිසි කඳවුරු 44ක් පමණ පිහිටුවා ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

 

Share This