ඇඳිරි නීතිය ගැන අද ගන්නා තීන්දුව

ඇඳිරි නීතිය ගැන අද ගන්නා තීන්දුව

මසකට ආසන්න කාලයක් පුරා දැනට ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වැනිදායින් පසුව ඉවත් කරන්නේද නැද්ද යන්න අද (17දා ) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධන බළකාය කමිටු රැස්වීමෙන් අනතුරුව තීරණය කිරීමට නියමිත බව වාර්තා වනවා.

අවසන් වරට ඉකුත් සතියෙහි පැවැති මෙම කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී රට විවෘත කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ඉල්ලා තිබූ අතර අදාළ අංශ විසින් එම නිර්දේශයන් අද (17) දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙලෙස ඉදිරිපත් කරන නිර්දේශ සලකා බලා රට ඉදිරියට පවත්වාගෙන යෑමට අදාළ විවිධ මාර්ගෝපදේශ සේවා සීමාවන් සම්බන්ධයෙන් අද (17) දින මෙම කමිටු රැස්වීමේදී අවධානය යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Share This