ඇමතිවරයෙක් අත්අඩංගුවට ගැනීම නිසා ‘ඉන්දියාවේත්’ උණුසුම් තත්ත්වයක් ?

ඇමතිවරයෙක් අත්අඩංගුවට ගැනීම නිසා ‘ඉන්දියාවේත්’ උණුසුම් තත්ත්වයක් ?

දිල්ලි නියෝජ්‍ය මහ ඇමති මනීෂ් සිසෝඩියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ පක්ෂයේ සාමාජිකයින් රටපුරා විරෝධතා පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ මධ්‍යම විමර්ශන කාර්යාංශය පවසා ඇත්තේ දිල්ලියේ මත්පැන් ප්‍රතිපත්තිය පිළිබඳ විමර්ශනය සම්බන්ධයෙන් සිසෝඩියා මහතා අත්අඩංගුවට ගත් බවයි

නියෝජ්‍ය මහ ඇමතිවරයා සහ ඔහුගේ පක්ෂය (AAP) එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සිසෝඩියා මහතා අද (27) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

විරෝධතාවයට පෙර දිල්ලි පොලිසිය විසින් අගනුවර හරහා හමුදා යොදවා තිබූ අතර මාර්ග කිහිපයක්ද අවහිර කර තිබූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Share This