ඇමති අලි සබ්‍රි ඊජිප්තුවේ සංචාරයක

ඇමති අලි සබ්‍රි ඊජිප්තුවේ සංචාරයක

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඊජිප්තුවේ නිල සංචාරයකට එක්වී තිබෙනවා.

ඒ ඊජිප්තු විදේශ අමාත්‍ය බද්ර් අබ්දලාති මහතාගේ ආරාධනයෙන්.

මෙම සංචාරය අතරතුරදී අමාත්‍යවරයා කයිරෝ නුවර පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඊජිප්තු විදේශ අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන්.

එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යවරයා ඊජිප්තුවේ ආයෝජන සහ විදේශ වෙළෙඳ අමාත්‍යවරයා හමුවීමටද නියමිතයි.

දෙරට අතර බහුවිධ සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණෙන් අමාත්‍ය අලි සබ්රි මහතා ඊජිප්තු වාණිජ මණ්ඩල සම්මේලනයේදී සාකච්ඡා පැවැත්වීමටත් තවත් සම්භාවනීය පුද්ගලයන් කිහිප දෙනෙකු බැහැදැකීමටත් අපේක්ෂා කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

එමෙන්ම මෙම ද්විපාර්ශ්වික සංචාරය මඟින් ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර දීර්ඝ කාලීන සබඳතා තවදුරටත් තහවුරු කිරීමට අපේක්ෂා කෙරෙන බව සඳහන්.

Share This