ඇමති ජොන්ස්ටන්ගෙන් වසන්ත සමරසිංහට එරෙහිව එන්තරවාසියක් (වීඩියෝ)

ඇමති ජොන්ස්ටන්ගෙන් වසන්ත සමරසිංහට එරෙහිව එන්තරවාසියක් (වීඩියෝ)

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා වෙත රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසියක් යොමුකර තිබෙනවා.

2022.02.20 වන දින දූෂණ විරෝධී හඬ සංවිධානය විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක දී, මධ්‍යම අධිවේගී මාර්ගයේ මුදල් වංචා සිදුකළ බවට චොදනා කරමින් චේතනාන්විතව කිසිඳු සාක්ෂියක් නොමැතිව අසත්‍ය කරුණු ද්වේශ සහගත සහ අපහාසාත්මක ප්‍රකාශ සිදුකරමින් සිය කීර්තිනාමයට හානිකළ බව බව දන්වමිනුයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් මෙම එන්තරවාසිය යොමුකර ඇත්තේ.

 

 

 

 

Share This