
ඇමති වසන්ත සමූපකාර “කෝප් සිටි” කරන්න යයි
සමූපකාර ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් වෙළෙඳ,වානිජ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ආණ්ඩුකාරවරුන් ඇතුලු සමූපකාර බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක නිරත වී තිබෙනවා.
අමාත්‍යාංශ මාධ්‍ය ඒකය පැවසුවේ මීට අමතරව මෙම සාකච්ඡාව සඳහා පළාත් සමූපකාර අමාත්‍යාංශ ලේකම්වරුන්,පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස්, සහ රෙජිට්‍රාර්වරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටි බවයි.
මෙහිදී අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසා ඇත්තේ කෝප් සිටි ප්‍රධාන කගරවල ස්ථාපනය කිරීමට කටයුතු කරන බවයි.
ඒකීය සන්නාමයක් යටතේ සමූපකාර නිෂ්පාදන වෙළෙඳපළට ඉදිරිපත් කිරීමට වැඩපිළිවෙළක් සකස් කිරීම මෙන්ම ප්‍රාදේශීය වෙළෙඳසැල් මිනි කෝප් සිටි ලෙස පරිවර්තනය කරමින් ග්‍රාමීය ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව ද අමාත්‍යවයා පෙන්වා දී තිබෙනවා.
මෙම රැස්වීමේදී සමූපකාර සමිතිවල වර්තමාන තත්ත්වය , පවතින ගැටලු හා ඒවා නිරාකරණය කරගත හැකි ආකාරය පිළිඹඳව දීර්ඝ ලෙස අවදානය යොමුකළ බව වෙළෙඳ,වානිජ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශප සඳහන් කළා.
මෙම සාකච්ඡාවේදී අමාත්‍ය වසන්ත සමර සිංහ මහතා පෙන්වා දී ඇත්තේ සමූපකාර සමිතිවල විශාල මූල්‍ය වංචාවන් සිදුව ඇති බවයි.
සමූපකාර සමිතිවල සභාපති ධුර කාලය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව එහිදී නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.
ඔවුන් පෙන්වා දී ඇත්තේ සමූපකාර සමිතිවල සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල ධූර කාලයන්ට සීමා පැනවීමෙන් දූෂණ සහ අක්‍රමිකතා මගහරවා ගැනීමට හැකිවනු ඇති බවටයි.
සියලු පළාත් සභා සඳහා පොදු සමූපකාර ප්‍රඥප්තියක් මෙන්ම සියලු පළත් සමූපකාර සේවක කොමිෂන් සභා සඳහා පොදු නෛතික රාමුවක් සකස් කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවා.
