
ඇමරිකානු තීරු බද්ධ අඩුකර ගන්න තවත් කණ්ඩායමක් ඇමරිකාවට (VIDEO)
සියයට 44ක සිට සියයට 30ක් දක්වා පහල දැමුණු ඇමෙරිකානු තීරු බද්ද තව දුරටත් අඩු කර ගැනීම සදභා සාකච්ජා කිරීමට ඉදිරි දින කිහිපයේදී තවත් කණ්ඩායමක් ඇමෙරිකාව බලා පිටත්ව යාමට නියමිත බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසනවා .
එම කණ්ඩායම ඉදිරි දින කිහිපයේදී නම් කරනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
ශ්‍රී ලංකාව හා අමෙරිකාව අතර 88%ක වෙළෙඳ හිඟයක් පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකාවට 44%ක තීරුබදු පනවන බව ඉකුත් අප්‍රේල් මස 02 වනදා මුල්වරට ජනපති ට්‍රම්ප් නිවේදනය කළා.
කෙසේ වෙතත් එක්සත් ජනපද වෙළෙද නියෝජිත කාර්යාලය සමග මෙරටින් ගිය නියෝජිත කණ්ඩායම ඒ පිළිබඳව සාකච්ඡා කළා.
ඒ අනුව මෙරටට පැනවූ 44%ක තීරු බද්ද 30% දක්වා අඩු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් ඒවා තිබුනේ පසුගිය 09 වැනිදායි.
කෙසේවෙතත් රට තුළ පවතින ආර්ථික තත්ත්වය හමුවේ එය ප්‍රමාණවත් නොවන බව ආර්ථික විශ්ලේෂකයින් සදහන් කළා.