ඇමරිකාවේ ටොනේඩෝ මාලාවක් – 26 දෙනෙකු මරුට

ඇමරිකාවේ ටොනේඩෝ මාලාවක් – 26 දෙනෙකු මරුට

ඇමරිකාවේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශවල හමා ගිය ටොනේඩෝ මාලාවකින් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රාන්ත කිහිපයකම නිවාසවලට දැඩි හානි සිදුව ඇති අතර, විදුලිය ද විසන්ධි වී ඇති බව සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ටොනේඩෝ සුළි කුණාටු 60 ක් පමණ වාර්තා වී ඇති බවයි.

ඒ අනුව ආර්කන්සාස්, ටෙනසි, ඉලිනොයිස්, ඉන්දියානා සහ ඇලබාමා මෙන්ම මිසිසිපි ඇතුළු ප්‍රාන්ත කිහිපයකටම දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

මීට අමතරව වර්ජිනියා, ඔහියෝ සහ පෙන්සිල්වේනියා යන ප්‍රදේශවලට මෙහි දරුණුතම බලපෑම එල්ල වී ඇති බව සඳහන්.

Share This