ඇමරිකාවේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් හත් දෙනෙක් මරුට

ඇමරිකාවේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් හත් දෙනෙක් මරුට

ඊයේ සවස (04) ඇමරිකාවේ කෙන්ටකි හි ලුයිස්විල් හි ගුවන් තොටුපළකින් ගුවන් ගත වෙමින් සිටියදී යූපීඑස් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගිය බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසන්වා.

එරට වේලාවෙන් පස්වරු 05:15 ට පමණ ලුයිස්විල් මුහම්මද් අලි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත් වන විට භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය පුපුරා යාමෙන් අවම වශයෙන් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති අතර එමඟින් අහසට ඝන කළු දුමාරයක් නිකුත් වූ බව සඳහන්.

කෙන්ටකි ආණ්ඩුකාර ඇන්ඩි බෙෂියර් පැවසුවේ යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනා මියගිය අය අතර සිටින බවයි.

සිද්ධියේදී පුද්ගලයින්ට “ඉතා සැලකිය යුතු” තුවාල සිදුවී ඇති බවත් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් නිලධාරීන් අනතුරු ඇඟවනවා.

 

Share This