ඇමරිකාවේ වෙඩි තැබීමට හේතුව හෙළිවේ
ඊයේ (02) දිනයේ ඇමරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ ටුල්සා ප්‍රදේශයේ රෝහලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා
මෙම වෙඩි තැබීම සිදු කළ තුවක්කුකරු ඔහුට සැත්කමක් සිදු කළ ශල්‍ය වෛද්‍යවරයා ඉලක්ක කර ගත් බව මේ වනවිට එරට පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා
මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ ආචාර්ය ප්‍රෙස්ටන් ෆිලිප්ස් , වෛද්‍ය ස්ටෙෆනි හුසන්, අමන්දා ග්ලෙන් සහ විලියම් ලව් ලෙසට එරට පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා
තුවක්කුකරු වෙඩි තැබීමට පැය කිහිපයකට පෙර අර්ධ ස්වයංක්‍රීය AR 15 පන්නයේ රයිෆලයක් මිල දී ගෙන ඇති බවද සඳහන්
ශාන්ත ෆ්‍රැන්සිස් රෝහලේදී මොහුට සිදු කරන ලද ශල්‍යකර්මයෙන් පසු මෙම පුද්ගලයා දිගටම පවතින වේදනාව නිසා වෛද්‍ය පිලිප්ස්ට කතා කරමින් අමතර ප්‍රතිකාර අවශ්‍ය බව දන්වා තිබෙනවා
නමුත් ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලැබුණේද යන්න පැහැදිලි නැති අතර තුවක්කුකරු වෛද්‍ය පිලිප්ස් සහ ඔහුට බාධා කරන ඕනෑම අයෙකු ඝාතනය කිරීමේ චේතනාවෙන් පැමිණ ඇති බව පැහැදිලි වන බවද පොලිස් නිලධාරීන් සඳහන් කරනවා
තවත් තුවාලකරුවන් දස දෙනෙකු වාර්තා වී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා