
ඇමරිකාව, එක්සත් අරාබිය, චීනය, ඉන්දියාව ඇතුලු රටවල් රැසකින් ශ්‍රී ලංකාවට ආධාර
‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමට ලක්ව මෙරට දිස්ත්‍රික්ක 25 ක ජනතාවට සහ දේපලවලට දැඩි බලපෑම් එල්ල වුණා.
ඒ අනුව ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම සදහා මේ වනවිට ලොව රටවල් රුසක්ම ඉදිරිපත්ව සිටිනවා.
අයහපත් කාලගුණයේ බලපෑමට ලක්ව මෙරට දිස්ත්‍රික් 25 ක සිටින පුද්ගලයින් ලක්ෂ 15 කට අධික සංඛ්‍යාවකට දැඩි බලපෑම් එල්ල වුණා.
දිවයිනේ දිස්ත්‍රික් 25 ට බලපෑ මෙම ව්‍යසන තත්ත්වය හේතුවෙන් නිවාස, දේපළ සහ යටිතල පහසුකම් වලට ද දැඩි හානි සිදුවතිබෙනවා.
ඒ අනුව, ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම සදහා මේ වන විට ලොව බොහෝ රටවල් ඉදිරිපත්ව සිටිනු දැකිය හැකියි.
එවන් පසුබිමක අසල්වැසි ඉන්දියාව මෙන්ම පාකිස්ථානය ද ව්‍යසනයට මුහුණ දුන් මුල් අවස්ථාවේ සිට විවිධ ආධාර මෙරටට ලබාදීම විශේෂත්වයක්.
ඉන්දීය රජය ද අංග සම්පූර්ණ රෝහල් දෙකක් සහ භාණ්ඩ තොගයක් ඊයේ පස්වරුවේ කටුනායක තොටුපොල වෙත මෙලෙස රැගෙන ආවා.
ඉන්දියාවේ අග්‍රා නුවර සිට එම ආධාර රැගත් ගුවන් යානය පැමිණ තිබුණා.
පාකිස්ථානයෙන්ද ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවද වෙනුවෙන් ලබාදීමට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොගයක් මෙරටට ලබාදි තිබෙනවා.
අමෙරිකා එක්සත් ජනපදයද ලෝක ආහාර වැඩටසහන හරහා ආධාර තොගයක් මෙරටට පිරිනැමුනා.
මෙරටට බලපා ඇති ආපදා තත්ත්වය යටතේ විපතට පත්ව ඇති ජනතාව ගලවා ගැනීම සදහා භාවිත කරන රථ වාහන රැසක් රැගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහනගුවන් යානයක් ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොල වෙත රැගෙන විත් තිබෙනවා.
එරට සිට මෙරටට ආධාර රැගෙන පැමිණි තෙවන ගුවන් යානය මෙය වීමද විශේෂත්වයක්.
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආපදා තත්ත්වයෙන් මුදවා ගැනීම වෙනුවෙන් සහය දීමට දකුණු කොරියානු බෞද්ධ දූත පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.





