ඇමසන් වනයේ  සති හතරක් අතරමං වී සිටි ළමුන් දෙදෙනෙක් බේරා ගැනේ

ඇමසන් වනයේ සති හතරක් අතරමං වී සිටි ළමුන් දෙදෙනෙක් බේරා ගැනේ

බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ සති හතරකට ආසන්න කාලයක් අතරමංව සිට බේරාගත් පිරිමි ළමයින් දෙදෙනෙකු සොයාගෙන තිබෙනවා

Glauco සහ Gleison Ferreira, නම් මොවුන් දෙදෙනා පෙබරවාරි 18 වන දින ඇමසෝනාස් ප්‍රාන්තයේ මැනිකෝර් අසල වනාන්තරයේ කුඩා පක්ෂීන් අල්ලා ගැනීමට උත්සාහ කරමින් සිටියදී පාර සොයා ගැනීමට නොහැකිව අතරමං වී ඇති බවයි පැවසෙන්නේ.

පිරිමි ළමයින් අතුරුදහන් වූ පසු, නිවැසියන් ඇතුළු හදිසි සේවා කණ්ඩායම් ඔවුන් සොයමින් සති කිහිපයක් ගත කර තිබෙනවා

හදිසි සේවා විසින් පෙබරවාරි 24 වන දින සෙවීම් නතර කිරීමට තීරණය කළ නමුත් ප්‍රදේශවාසීන් විසින් පිරිමි ළමයින් සෙවීම දිගටම  සිදු කරගෙන ගිය බවයි පැවසෙන්නේ .

දර කපමින් සිටි මිනිසෙකු විසින්  දුර්වලව සමේ සීරීම් සහිතව වැසි වනාන්තරයේ බිම වැටී සිටියදී පිරිමි ළමයින් සොයා ගෙන ඇති බව සඳහන් .

පසුව නිරාහාරව සිටීම හේතුවෙන් ඔවුන් රෝහල්ගත කර තිබෙනවා.

Share This