ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් නෙරපා හරින බව රුසියාවෙන් ප්‍රකාශයක්

ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් නෙරපා හරින බව රුසියාවෙන් ප්‍රකාශයක්

රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 12 දෙනෙකු ඉවත් කිරීමට ඇමෙරිකාව ගත් තීරණයෙන් පසු ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් නෙරපා හරින බව රුසියාව ප්‍රකාශ කර තිබෙනවා.

වොෂින්ටනය පසුගිය මාසයේ ජාතික ආරක්‍ෂක අවශ්‍යතා මත නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ දූත මෙහෙවරේ සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හරින බව පැවසුවා.

පසුව රුසියානු විදේශ අමාත්‍යාංශය රුසියාවේ එක්සත් ජනපද තානාපති ජෝන් සුලිවන් කැඳවා ජනාධිපති ජෝ බයිඩන් රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් “යුද අපරාධකරුවෙකු” ලෙස ලේබල් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර සිටි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

එමෙන්ම  රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ තවදුරටත් පිළි නොගන්නා රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ ලැයිස්තුවක් ඔවුන්ට ලැබී ඇති බවයි.

මෙම නියෝගයෙන් එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයින් කී දෙනෙකුට බලපානු ඇත්ද සහ ඔවුන් රුසියාවෙන් නෙරපා හරිනු ලබන්නේ කවදාද යන්න පැහැදිලි නැති බවද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා .

Share This