ඇමෙරිකාවේ නීති විරෝධි සංක්‍රමනික ගැටලුවෙන් ඉන්දියාවටත් ගැටලු

ඉන්දියාවේ , අමෙරිකානු තානාපති කාර්යාලය අමෙරිකාවට යන ඉන්දියානුවන්ට දැඩි අවවාදයක් නිකුත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින්, තානාපති කාර්යාලය සඳහන් කළේ, වොෂින්ටනය “කිසිදු වීසා අවභාවිතයක් හෝ නීතිවිරෝධී ලෙස රට තුළට ඇතුල් වීම නොඉවසන” බවයි.
නිව් ජර්සි හි නෙවාර්ක් ගුවන් තොටුපලේදී ඉන්දියානු සිසුවෙකු මාංචු දමා ගත් සමාජ මාධ්‍ය වීඩියෝවක් ප්‍රචලිත වීමෙන් පසුව මෙය මෙම නිවේදනය කර තිබෙනවා.
“එක්සත් ජනපදය අපේ රටට නීත්‍යානුකූල සංචාරකයින් සාදරයෙන් පිළිගනී. නීතිවිරෝධී ලෙස ඇතුළුවීම, වීසා අනිසි ලෙස භාවිතා කිරීම හෝ එක්සත් ජනපද නීතිය උල්ලංඝණය කිරීම අපට ඉවසිය නොහැකියි.” අමෙරිකානු තානාපති කාර්යාලය සිය නිවේදනයෙන් කියා ඇත.
ඉන්දියානු-ඇමරිකානු ව්‍යවසායකයෙකු වන කුනාල් ජෙයින් විසින් සමාජ මාධ්‍යයේ පළ් කර ඇති වීඩියෝව, බලධාරීන් ඉන්දීය සිසුවකුට අපරාධකරුවෙකු ලෙස සලකන ආකාරය පෙන්නුම් කරයි.
කලබලකාරී දර්ශනවල දැක්වෙන්නේ අවම වශයෙන් නිලධාරීන් හතර දෙනෙකු ඔහුව අල්ලාගෙන සිටින විට ශිෂ්‍යයා බිමදමාගෙන සිටින අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු ඔහුගේ පිටේ දණ ගසාගෙන සිටින බවයි. ඔවුන් සිසුවාගේ කකුල් සහ අත් බැඳ තිබුණා.”
කුනාල් ජෙයින් සිය X ගිනුමෙහි හි සටහනක් ලියා තිබුණේ මේ ආකාරයෙන් “ඊයේ රාත්‍රියේ නෙවාර්ක් ගුවන් තොටුපළෙන් තරුණ ඉන්දීය සිසුවෙකු පිටුවහල් කරනු මම දුටුවෙමි – මාංචු දමා, අඬමින්, රාධකරුවෙකු ලෙස සලකනු ලැබීය. ඔහු පැමිණියේ සිහින පසුපස හඹා යමින් මිස හානියක් නොවේ. ව්‍යවසායකයෙකු ලෙස, මට දැනුණේ අසරණ සහ හද කම්පා කරවන බවක්. මෙය මානුෂික ඛේදවාචකයකි,”

Share This