ඇමෙරිකාව, ජපානය සමග වාහන ආනයයේදී තීරු බද්ද 15% දක්වා බස්සන්න ගිවිසුමක් ගහයි

ඇමෙරිකාව, ජපානය සමග වාහන ආනයයේදී තීරු බද්ද 15% දක්වා බස්සන්න ගිවිසුමක් ගහයි

ඇමරිකාව භාණ්ඩ සදහා ජපානයට පනවා තිබූ තීරු බද්ධ 15% ක් දක්වා අඩු කර තිබෙනවා.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඇමරිකා එක්සත් ජනපදය එරට විශාලතම වෙළඳ හවුල්කරුවෙකු වන ජපානය සමඟ “දැවැන්ත” වෙළඳ ගිවිසුමකට එකඟ වූ බවයි.

ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ පැවසුවේ ජපානය තම ආර්ථිකය මෝටර් රථ, ට්‍රක් රථ, සහල් සහ ඇතැම් කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු ඇමරිකානු භාණ්ඩ සඳහා විවෘත කරන බවයි.

ජපාන අගමැති ෂිගෙරු ඉෂිබා මෙම නිවේදනය පිළිගනිමින් කියා සිටියේ එය “ඇමරිකා එක්සත් ජනපදය සමඟ වෙළඳ අතිරික්තයක් ඇති රටවල් අතර මේ දක්වා ඇති අඩුම අගය” බවයි.

අගමැති ෂීබා අද(23) පැවසුවේ ගිවිසුමෙන් අදහස් වන්නේ වාහන සහ අමතර කොටස් සඳහා එක්සත් ජනපද තීරුබදු 25% සිට 15% දක්වා අඩු කරන බවයි.

ජපානයේ, එක්සත් ජනපද අපනයනවලින් හතරෙන් එකක්ම එහි තීරණාත්මක මෝටර් රථ අංශයෙන් වන අතර එය එහි ආර්ථිකයෙන් 3% ක් පමණ වනවා.

Share This