ඇලස්කාවේදී අතුරුදන් වූ ගුවන්යානය සොයා ගැනේ

ඇලස්කාවේදී අතුරුදන් වූ ගුවන්යානය සොයා ගැනේ

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ දී පුද්ගලයින් 10 දෙනෙකු සමග අතුරුදන් වූ මගී ගුවන්යානයේ සුන්බුන් සොයා ගෙන තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ සුන්බුන් වෙත ළඟා වූ එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ ගලවා ගැනීමේ පිහිනුම්කරුවන් දෙදෙනාට යානයේ ඇතුළත මළ සිරුරු තුනක් දැකගත හැකි වූ අතර අනෙක් හත් දෙනා සුන්බුන් තුළ සිටින බවට අනුමාන කෙරෙන බවයි

ඒ අනුව යානයේ නියමුවා ඇතුළු එහි සිටි මගීන් සියලු දෙනාම මියගොස් ඇති බවටයි බලධාරීන් විසින් තහවුරු කර ඇත්තේ

මෙම වසරේ ගත වූ කාලය තුළ එක්සත් ජනපදයේ සිදු වූ තුන්වන ගුවන් අනතුර මෙය වනවා

Share This