ඇල්ජීරියාවේ ගංවතුර හේතුවෙන් 8ක් මරුට

ඇල්ජීරියාවේ ගංවතුර හේතුවෙන් 8ක් මරුට

ධාරානිපාත වර්ෂාව නිසා ඇති වූ ගංවතුර හේතුවෙන් බටහිර ඇල්ජීරියාවේ පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

දැඩි වර්ෂාපතනය හේතුවෙන් ගංගාවක ඉවුරු කැඩී ගොස් ඇති අතර මියගිය අය වාහනයක ගමන් කරමින් සිටියදී මෙම ගංවතුර තත්ත්වයට හසුව ඇති බවයි පැවසෙන්නේ

සිවිල් ආරක්ෂක නිලධාරීන් පවසන්නේ මිය ගිය සියළු දෙනා ගංවතුරට ගසාගෙන ගොස් ඇති බවත් Tlemcen ප්‍රදේශයෙන් සිරුරු සොයා ගත් බවත්ය

Share This