ඇල්ජීරියාවේ ලැව් ගිනිවලින් 26 දෙනෙකු ජීවිතක්ෂයට

ඇල්ජීරියාවේ ලැව් ගිනිවලින් 26 දෙනෙකු ජීවිතක්ෂයට

උතුරු ඇල්ජීරියාවේ ලැව් ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඇල්ජීරියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Kamel Beldjoud පවසා තිබෙන්නේ ටියුනීසියාවේ දේශසීමා ආසන්නයේ දී 24 දෙනෙක් සහ සෙටිෆ් ප්‍රදේශයෙහි මවක් සහ දියණියක් මිය ගිය ගොස් ඇති බවයි

ගිනි නිවන භටයින්, හෙලිකොප්ටර් ආධාරයෙන් ලැව්ගිනි පාලනය කිරීමට උත්සාහ දරමින් සිටින බවත් විවිධ පළාත්වල පදිංචිකරුවන් 350ක් පමණ ඉවත් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එරට සිවිල් ආරක්ෂක ඒජන්සිය පවසා තිබෙන්නේ එල් ටාර්ෆ් ප්‍රදේශය දරුණුතම බලපෑමට ලක් වූ ප්‍රදේශය බවයි

Share This