ඇල්පිටියේ පුංචි ඡන්දය ගැන දැනුම්දීමක්

ඇල්පිටියේ පුංචි ඡන්දය ගැන දැනුම්දීමක්

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව ලබන 26 දින සිට සැප්තැම්බර් 13 දින මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිතව තිබෙනවා.

අදාළ කාලසීමාව කිසිසේත් දීර්ඝ නොකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වන 2024 ඡන්දහිමි නාමලේඛන තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව සඳහන්.

ඊට අමතරව අවශ්‍ය වන තොරතුරු ලබාගැනීම සඳහා 2024 ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දහිමි නාමලේඛන ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය, ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඇල්පිටිය ප්‍රාදේශීය සභා කාර්යාලය සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලුම ග්‍රාම නිලධාරී කාර්යාලවල (එක් එක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයට අයත් නාමලේඛන) ප්‍රදර්ශනය කෙරෙනවා.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනය පහතින්…….

 

Share This