ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජන බලවේගයට

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජන බලවේගයට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය අනුව එහි බලය ජාතික ජනබලවේගය හිමි කර ගෙන තිබෙනවා.

ඒ, ඡන්ද සංඛ්‍යාව 17,295ක් සමගින් මන්ත්‍රී ධුර 15ක් හිමි කර ගනිමිනුයි

එමෙන්ම සමගි ජන බලවේගය මන්ත්‍රී ධුර 06ක් ලබා ගෙන ඇත්තේ ඡන්ද 7,924 සංඛ්‍යාවක් ලබා ගනිමින්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහිදී මන්ත්‍රී ධුර 03ක් ලබාගතේ ඡන්ද 3,597 සංඛ්‍යාවක් හිමි කර ගෙනයි

මීට අමතරව ඡන්ද 2,612ක් ලබා ගනිමින් පොදුජන එක්සත් පෙරමුණ මන්ත්‍රී ධුර 02ක් මෙන්ම ස්වාධින කණ්ඩායම මන්ත්‍රී ධුර 02ක් ලබා ගෙන තිබෙනවා

එහිදී ස්වාධීන කණ්ඩායම ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2,568ක්

පොදුජන එක්සත් නිදහස් සන්ධානය එක් මන්ත්‍රී ධුරයක් හිමි කර ගත්තේ ඡන්ද 1,350ක් ලබා ගනිමින්

ජාතික ජනතා පක්ෂය ද එක් මන්ත්‍රී ධුරක් හිමි කර ගෙන තිබෙනවා

කෙසේ වෙතත් දෙවන පරපුර ඡන්ද 388ක් සහ ජනසෙත පෙරමුණ ඡන්ද 50ක් ලබා ගත් අතර ඔවුන්ට මන්ත්‍රී ධුර හිමි වුණේ නැහැ

Share This