ඇල්ල බස් අනතුරින්  දිවි අහිමි වූවන් අද සදහටම සමුගනී (VIDEO)

ඇල්ල බස් අනතුරින් දිවි අහිමි වූවන් අද සදහටම සමුගනී (VIDEO)

ඇල්ල වැල්ලවාය මාර්ගයේ මාරක රිය අනතුරින් දිවි අහිමි වූවන්ගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

මේ අතර අඩි දහසක ප්‍රපාතයකට පෙරලී සුන්බුන් වූ බස් රථය ඊයේ ගොඩගැණුනු අතර එම සුන්බුන් හෙට දිනයේ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතයි.

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුරක් පිළිබඳ පුවතක් වේගයෙන් පැතිර යන්නට වුණා.

ඒ වන විටත් අඩි 500 ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබූ බස් රථයේ සිටි දරුවන් ඇතුළු පිරිස් බේරා ගැනීමට ඇල්ල අවට බොහෝ දෙනා එම ස්ථානයට එක්රොක් වී සිටියා.

අනතුරින් තංගල්ලේ නගර සභාවේ සේවකයින්, දරුවන් ඇතුළු 15 දෙනෙකු තමන්ගේ දිවි ගමනට සමුදුන්නා.

ඔවුන්ගේ දේහයන් පවා කිසිඳු මුදලක් අය නොකර බදුල්ලේ සිට තංගල්ලට රැගෙන ගියේ මුස්ලිම් දේවස්ථානවල සහයෙන්.

ඊයේ තංගල්ල නගර සභා පරිශ්‍රයේ අවසන් ගෞරවය සඳහා දේහයන් තැන්පත් කර තැබුණු අතර පස්වරුවේ එම දේහයන් ඔවුන්ගේ නිවෙස් කරා රැගෙන ගියා.

ඒ අතර තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ රූපසිංහ මහතා, තංගල්ල නගර සභාවේ සේවය කළ මධූෂා අනුරාධිනි මහත්මියන්ගේ දේහයන්, දිනිඳු කෞශල්‍යා පුංචිහේවා මහත්මිය සහ ඇයගේ දියණියන්ගේ දේහයන් නිවසේ තැන්පත් කළේ සමීපතමයින්ගේ සෝසුම් මධ්‍යයේයි.

මේ අනතුරින් මියගිය බස් රථයේ රියදුරු චිරාත්ගේ දේහය නිවසේ තැන්පත් කිරීමෙන් පසු ඔහුගේ දියණිය තවමත් ඔහු එන තුරු මග බලා සිටිනවා.

සතුටු සිතින් චාරිකාවක් ගිය මේ සියලුදෙනා අද තම සමීපතමයින් හැර දමා සදහටම සමු ගැනීම මුළු රටටම කිසිදිනක අමතක නොවන දිනයක් බවට පත්වනු නොඅනුමානයි.

Share This