ඇල්ල – වැල්ලවාය බස් අනතු‍ර සිදුවූ ස්ථානයේ අද රෑ පිරිතක් – බස් රථයේ හිමිකරු අත්අඩංගුවට

ඇල්ල – වැල්ලවාය බස් අනතු‍ර සිදුවූ ස්ථානයේ අද රෑ පිරිතක් – බස් රථයේ හිමිකරු අත්අඩංගුවට

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ අනතුරට ලක් වූ බස් රථයේ අයිතිකරු ඊයේ (09) ඇල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත් අඩංගුවට ගැනීම කර ඇත්තේ අනතුරට ලක්වූ බස් රථය නිසිලෙස නඩත්තු නොකිරීමේ චෝදනාව මතයි.

තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් බස් රථය ඇල්ල පොලිස් වසමේ ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී පසුගිය 04 වැනිදා ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරෙන් 15 දෙනෙකුට ජීවිත අහිමි වුණා.

අත් අඩංගුවට ගත් බස් රථ හිමිකරු අද බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

අප වාර්තාකරු පැවසුවේ අයිති කරු වෙනත් පුද්ගයෙකුට මෙම බස් රථය විකුණා ඇති බවට තොරතුරු ඇති බවටයි.

මේ අතර බස් රථය අනතුරට ලක් වූ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කණුව ස්ථානයේදී අද රාත්‍රී (10) පිරිත් සජ්ජායනයක් සහ පසු දින සංඝගත දක්ෂිනාවක් සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.

පිරිත් සජ්ජායනය සදහා එම ස්ථානය සුදානම් වි තිබුණා.

 

 

Share This