ඇසළ පෙරහර මංගල්‍යය අදින් ඇරඹේ(VIDEO)

ඇසළ පෙරහර මංගල්‍යය අදින් ඇරඹේ(VIDEO)

හෙලයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙසින් විරුදාවලි ලත් ඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යය අදින් ආරම්භ වනවා.

එහි සමාරම්භය ලෙසින් අද පස්වරුවේ යෙදෙන සුබ මොහොතින් පළමු කුඹල් පෙරහර වීථි සංචාරය කිරීමට මේ වන විටත් සියල්ල සූදානම් කර අවසන්.

දෙස් විදෙස් සුපතළ හෙලයේ මහා සංස්කෘතික මංගල්‍ය ලෙසින් අභිසෙස් ලැබූ ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අදින් ආරම්භ වනවා.

පෙරහැර මංගල්‍යයේ සමාරම්භය සනිටුහන් කරමින් පළමු කුඹල් පෙරහර අද පස්වරු 07.05ට යෙදෙන සුභ මොහොතින් උතුරු දිශාභිමුඛව වීථි සංචාරය ඇරඹීමට නියමිතයි.

එලෙස ගමන් ඇරඹෙන පළමු කුඹල් පෙරහර දළදා වීථිය, ඩී එස් සේනානායක වීදිය , පන්සල පාර, දේව වීථිය, කොළඹ වීථිය, යටිනුවර වීථිය ඔස්සේ රජ වීථියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතයි.

අදින් ඇරඹෙන පළමු කුඹල් පෙරහර වීථි සංචාරයත් සමඟ එලැඹෙන අගෝස්තු මස 03න් වනදා දක්වා සෑම දිනකම කුඹල් පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතයි.

ඉන් පසුව ඇසල පෙරහර මංගල්‍යයේ රන්දෝලි පෙරහර වීථි සංචාරය අගෝස්තු මස (04) වැනිදා සිට අගෝස්තු මස (08) වැනිදා දක්වා වීථි සංචාරය කෙරෙනු ඇති.

එලැඹෙන අගෝස්තු මස (09) වැනිදා දහවල් පෙරහර වීථි සංචාරයෙන් පසුව මෙවර සෙංකඩගල ඇසල පෙරහර මංගල්‍යය නිමාවට පත් වනු ඇති.

වෙනත් වසරවල පළමු කුඹල් පෙරහර නැරඹීමට මහනුවර නගරය වෙත ජනතාව පැමිණෙන්නේ පෙරහර ආරම්භ වන දින පස්වරුවේ වුවත් , මෙවර පෙරහර නැරඹීම සඳහා අද අලුයම සිටම ජනතාව රැස්ව සිටින අයුරු දක්නට ලැබීමද විශේෂත්වයක්.

මේ අතර අදින් ඇරඹෙන ඇසල පෙරහර මංගල්‍යය නැරඹීමට පැමිණෙන බැතිමතුන් උදෙසා විශේෂ දුම්රිය කිහිපයක්ද මහනුවර දක්වා ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

Share This