ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ “මිකී” සුව අතට

ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ “මිකී” සුව අතට

ඇසිඩ් ප්‍රහාරයකින් දරුණු පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි මැලේසියානු පාපන්දු ක්‍රීඩක ෆයිසාල් හලීම් රෝහලින් පිටව ගොස් තිබෙනවා.

ශල්‍යකර්ම කිහිපයකට ලක් කිරීමෙන් අනතුරුව ඔහු මෙලෙස රෝහලෙන් පිටව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය මැයි 5 වැනිදා ක්වාලාලම්පූර් අගනුවරට ආසන්න ප්‍රදේශයකදී ෆයිසාල් හලීම් ඇසිඩ් ප්‍රහාරයකට ලක්වූ අතර ඔහුගේ ගෙල, උරහිස සහ අත් පිළිස්සුම් තුවාලවලට ලක්වී තිබුණා.

එළඹෙන අගෝස්තු මාසය වන විට හලීම්ට නැවත පාපන්දු පිටියට පැමිණිය හැකි බවයි ඔහුගේ පුහුණුකරු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

“මිකී” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන 26 හැවිරිදි වියේ පසුවන ඔහු අවස්ථා කිහිපයකදී විවිධ පාර්ශ්වයන්ගේ තර්ජනයන්ට ලක්වූ බව ද සඳහන්.

Share This