ඇෆ්ගන් කාන්තාවන් එක්සත් ජාතීන්ගෙන් කළ ඉල්ලීම

ඇෆ්ගන් කාන්තාවන් එක්සත් ජාතීන්ගෙන් කළ ඉල්ලීම

ඇෆ්ගන් කාන්තාවන් එක්සත් ජාතීන්ගෙන් අධ්‍යාපන අයිතීන් ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

වසර දෙකකට පෙර තලෙයිබාන් රජය නැවත බලයට පත් වී මිලියන 1.1 කට වැඩි ගැහැණු ළමයින් සහ කාන්තාවන්ට පාසල් සහ විශ්ව විද්‍යාල තහනම් කරනු ලැබුවා

ඇෆ්ගනිස්ථානයෙන් පලා ගොස් දැන් එක්සත් ජනපදයේ ජීවත් වන 21 හැවිරිදි ඉංජිනේරු ශිෂ්‍යාවක් වන සෝමායා ෆාරුකි තම අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ගෝලීය අධ්‍යාපන සංසදය දැනුවත් කර තිබෙනවා

ඒ අනුව Afghan Girls Voices යන ආදර්ශ පාඨය යටතේ, සියලුම ඇෆ්ගනිස්ථාන ගැහැණු ළමයින්ගේ සහ කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතියට ගරු කිරීමේ ගෝලීය කැඳවීමකට නායකත්වය දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා

බොහෝ ගැහැණු ළමයින් සහ කාන්තාවන්ට ඔවුන්ගේ අධ්‍යාපනය දිගටම කරගෙන යාමට දැනටමත් රට හැර යාමට සිදුව තිබෙනවා

කාන්තාවන් සහ ගැහැණු ළමයින්ගේ අයිතිවාසිකම්, වෙනුවෙන් සහාය නොදක්වන තුරු, තලේබාන් සහ අනෙකුත් රටවල් අතර සාමාන්‍ය සබඳතාවයකට පවතින මාර්ගයද අවහිර වනු ඇති බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පවසා ඇති බවයි වාර්තා වන්නේ

එමෙන්ම ඇෆ්ගනිස්ථානයේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ තත්ත්වය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් ලෙස සැලකිය යුතු අතර එය ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් නඩු පැවරිය යුතු බවත් ගෝලීය අධ්‍යාපනය සඳහා වූ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත, හිටපු බ්‍රිතාන්‍ය අගමැති ගෝර්ඩන් බ්‍රවුන් වාර්තාකරුවන්ට පවසා තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

ගැහැණු ළමයින්ට සහ කාන්තාවන්ට සමාන අවස්ථා සඳහා ප්‍රවේශය ඇති බවටත්, ඔවුන්ට අධ්‍යාපනයට ප්‍රවේශය ඇති බවටත් සහතික විය යුතුය යනුවෙන් ඇෆ්ගනිස්ථානයෙන් පලා ගිය ෆාරුකි සඳහන් කරනවා

 

Share This