ඇෆ්ගනිස්තානයේ විදේශ අමාත්‍යාංශය ඉදිරිපිට සිදුවූ ප්‍රහාරයෙන් 40කට වැඩි පිරිසකට තුවාල -මියගිය පිරිස ගැන විවිධ තොරතුරු

ඇෆ්ගනිස්තානයේ විදේශ අමාත්‍යාංශය ඉදිරිපිට සිදුවූ ප්‍රහාරයෙන් 40කට වැඩි පිරිසකට තුවාල -මියගිය පිරිස ගැන විවිධ තොරතුරු

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර විදේශ අමාත්‍යාංශයට පිටතින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම Isis-K නමින් හැඳින්වෙන ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමේ ප්‍රාදේශීය ශාඛාව විසින් බාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

කාබුල්හි හදිසි රාජ්‍ය නොවන සංවිධානය පවසා තිබෙන්නේ තුවාල ලැබූ පුද්ගලයින් 40 කට වැඩි පිරිසක් තමන්ට වාර්තා වී ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතින බවයි.

එරට පොලිසිය සඳහන් තිබෙන්නේ අවම වශයෙන් සිවිල් වැසියන් පස් දෙනෙකුවත් මිය ගොස් ඇති බවයි

තුර්කිය සහ චීනය ඇතුළු රටවල් කිහිපයක තානාපති කාර්යාල මෙම ප්‍රදේශයේ පිහිටා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ප්‍රහාරය සිදුවන අවස්ථාවේ චීන නියෝජිත පිරිසක් විදේශ අමාත්‍යාංශ ගොඩනැගිල්ල තුළදී ඇෆ්ගනිස්ථාන නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබු බව වාර්තා වූ නමුත් විදේශිකයන් කිසිවකු පැමිණ නොසිටි බව අගමැති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් AFP පුවත් සේවයට සඳහන් කර තිබෙනවා

 

Share This