ඇෆ්ගනිස්තානයේ ළිඳක සිරවී සිටි දරුවා ජීවිතක්ෂයට-UPDATE (VIDEO)

ඇෆ්ගනිස්තානයේ ළිඳක සිරවී සිටි දරුවා ජීවිතක්ෂයට-UPDATE (VIDEO)

ඇෆ්ගනිස්තානයේ දින හතරක කාලයක් ළිඳක සිරවී සිටි පිරිමි ළමයෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හයිඩර් නමැති හය හැවිරිදි මෙම පිරිමි ළමයා බේරා ගැනීමට පැය විසිහතර පුරාම වෙහෙසීමෙන් පසු ඔහු පිටතට ගැනීමට සහනදායි කණ්ඩායම් සමත් වී තිබෙනවා

නමුත් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු බීබීසී පුවත් සේවයට පවසා තිබෙන්නේ දකුණු දිග සාබුල් පළාතේ ළිඳෙන් පිරිමි ළමයා පිටතට ගන්නා විට දරුවා හුස්ම නොගත් බවයි

බ්‍රහස්පතින්දා සිට ළිඳෙන් කිසිදු ශබ්දයක් පිට නොවූ බව සහනදායි කණ්ඩායම් පවසා තිබෙනවා

ගලවා ගැනීමේ කණ්ඩායම පිරිමි ළමයා වෙත ළඟා වීමට පොළව තුළට අගලක් හාරා ඇති බවත් ඔහුව හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටරයකින් කාබුල්හි රෝහලකට රැගෙන යාමට නියමිතව තිබුණ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

“ගලවා ගැනීමේ මෙහෙයුම අවසන් වූ පළමු මිනිත්තු කිහිපය තුළ ඔහු හුස්ම ගනිමින් සිටි අතර වෛද්‍ය කණ්ඩායම ඔහුට ඔක්සිජන් ලබා දී තිබෙනවා

Zabul පොලිස් ප්‍රකාශක Zabiullah Jawhar පවසා තිබෙන්නේ වෛද්‍ය කණ්ඩායම ඔහුව හෙලිකොප්ටරයට ගෙන යාමට උත්සාහ කළ විට ඔහුගේ ජීවිතය අහිමිවූ බවයි

………………………………………….

09 හැවිරිදි දරුවෙක් ළිං කුහරයක සිරවී තවත් ඛේදවාචකයක්

 Feb 18, 2022 at 10:44

මොරොක්කෝවේ ‘රයන්’ නැමති 05 හැවිරිදි දරුවා ගැඹුරු නළ නළ ළිං කුහරයක සිරවී ජීවිතක්ෂයට පත්ව මසක් ගත වීමටත් පෙර තවත් එවැනිම සිදුවීමක් ඇෆ්ඝනිස්ථානයෙන් වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇෆ්ඝනිස්ථානයේ දකුණු දිග සාබුල් පළාතේ ජීවත් වූ 09 හැවිරිදි දරුවෙක් දින දෙකක සිට අඩි 33ක් පමණ ගැඹුරු නළ ළිං කුහරයක මෙලෙස සිරව ඇති බවයි.

මෙලෙස සිරව ඇති ‘හයිදර්’ නැමැති දරුවා ගලවා ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි තලේබාන් නිලධාරීන් පැවසුවේ.

දරුවා හා සන්නිවේදනය කිරීම සඳහා මේ වනවිට සන්නිවේදන උපකරණයක් දරුවා වෙත යවා ඇති බව වාර්තා වන අතර එමඟින් දරුවා සමඟ දරුවාගේ පියා සන්නිවේදන කටයුතු සිදුකර ඇති බව සඳහන්.

“ඔයා හොඳින් ද මගේ පුතේ.. මාත් එක්ක කතා කරන්න.. අඬන්න එපා.. අපි ඔයා ව එළියට ගන්න වැඩ කරනවා” යනුවෙන් දරුවාගේ පියා දරුවාට කතා කර තිබෙනවා.

එයට පිළිතුරු දෙමින් “හරි.. මම දිගටම කතා කරන්නම්” යනුවෙන් දරුවා පැවසූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ.

 

Share This