ඇෆ්ගනිස්ථානයට බලපෑ භූමිකම්පාවකින් 8ක් ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්ථානයට බලපෑ භූමිකම්පාවකින් 8ක් ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්ථානයට බලපෑ භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

මෙම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි එරට බලධාරීන් විශ්වාසය පළ කර තිබෙන්නේ

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කරන පරිදි නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් නගරය ආසන්නයේ රිච්ටර් මාපකයේ 5.3 ක භූමිකම්පාවක් සිදුව තිබෙනවා

භූ කම්පනය නන්ගර්හාර්, ලාග්මන්, කාබුල් සහ අනෙකුත් නැගෙනහිර පළාත් වලටද බලපෑ ඇති බවයි පැවසෙන්නේ

නිවාස 40ත් 50ත් අතර ප්‍රමාණයකට හානි සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

Share This