ඇෆ්ගනිස්ථානයට බලපෑ භූමිකම්පාවෙන් පසු තවදුරටත් මෙහෙයුම් – විපතට පත් වූවන් බේරා ගැනීමට කාලය සමග සටනක

ඇෆ්ගනිස්ථානයට බලපෑ භූමිකම්පාවෙන් පසු තවදුරටත් මෙහෙයුම් – විපතට පත් වූවන් බේරා ගැනීමට කාලය සමග සටනක

ඇෆ්ගනිස්ථානයේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් පසු සුන්බුන්යට සිරවී සිටින මිනිසුන් බේරා ගැනීමට හදිසි කණ්ඩායම් කාලය සමග දැඩි සටනක යෙදෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

පසුගිය සෙනසුරාදා (07) ඇෆ්ගනිස්ථානයේ Herat පළාතේ ගම්මානවලට බලපෑ රිච්ටර් මාපකයේ 6.3 ක භූමිකම්පාවෙන් 1,000 කට වැඩි පිරිසක් මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

සන්නිවේදනය අඩාල වීම සහ බොහෝ මාර්ග අවහිර වීම නිසා ගලවා ගැනීමේ සේවකයන්ට දුෂ්කර ප්‍රදේශවලට ළඟා වීමට අපහසු වී තිබෙනවා

සිය ගණනක් ද තුවාල ලබා ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සංවිධාන හදිසි සැපයුම් කඩිනම් කිරීමට පටන් ගෙන ඇති බවද සඳහන් .

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සඳහන් කරන්නේ අවම වශයෙන් නිවාස 465 ක් සමතලා වී ඇති බවයි.

කෙසේවෙතත් නිශ්චිත මරණ සංඛ්‍යාව තවමත් තහවුරු වෙමින් පවතින බවත් ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු කාර්යාලය පවසන්නේ 500 ක් පමණ තවමත් අතුරුදන් වී ඇති බවත්ය

Share This