ඇෆ්ගනිස්ථානයට ලකුණු 289ක ඉලක්කයක්

ඇෆ්ගනිස්ථානයට ලකුණු 289ක ඉලක්කයක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 288ක් රැස් කළා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ආරාධනයෙනුයි නවසීලන්තය පළමුව පන්දුවට පහරදුන්නේ.

එහිදී නායක Tom Latham ලකුණු 68ක් සහ Will Young ලකුණු 54ක් රැස් කිරීමට සමත් වුණා.

තරගය ජයගැනීම සඳහා ඇෆ්ගනිස්ථානයට හිමිව ඇති ඉලක්කය ලකුණු 289ක්‌.

Share This