ඇෆ්ගනිස්ථානයේ ආහාර උද්ධමනය පහළට

ඇෆ්ගනිස්ථානයේ ආහාර උද්ධමනය පහළට

ඇෆ්ගනිස්ථානයේ ආහාර උද්ධමනය පහළ ගොස් තිබෙනවා.

මෙම වසර ආරම්භයේ දී එරට ආහාර උද්ධමනය 3.2%ක් දක්වා අඩු වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ වාර්තාවකින් සඳහන් කර ඇත්තේ.

2022 මැද භාගයේ සිට ගෝලීය ආහාර මිල ගණන් පහත වැටීමේ ප්‍රවණතාවය ඇෆ්ගනිස්ථානයේ උද්ධමන පීඩනය පහළ යාමට හේතු වී ඇති බව සඳහන්.

එමෙන්ම ඇෆ්ගන් මුදල් ඒකකයේ (AFN) ස්ථාවරත්වය ද මෙම ධනාත්මක වර්ධනයට දායක වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පෙන්වාදෙන්නේ.

මීට අමතරව මෙම වසරේ මුල් කාර්තුවේ දී ඇෆ්ගනිස්ථානයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 500ක් ලෙස වාර්තා වී ඇති අතර ඉන් වැඩිම ආදායමක් ඇගලුම් අපනයනයෙන් ලැබී තිබෙනවා.

Share This