ඇෆ්ගනිස්ථානයේ නායකයන්ට රටින් පිටවීම තහනම්
ඇෆ්ගනිස්ථානයේ හිටපු නායකයන් රටින් පිටට ගමන් කිරීම වත්මන් තලේබාන් පාලකයන් විසින් අවහිර කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
කම්මා නිවුස් වාර්තාවක දැක්වෙන්නේ එරට හිටපු ජනාධිපති හමීඩ් කර්සායි, සහ ජාතික ඒකාබද්ධතා කවුන්සිලයේ හිටපු සභාපති අබ්දුල්ලා අබ්දුල්ලා මෙම අවහිර කිරීම්වල ප්‍රධාන ඉලක්කය වී ඇති බවයි.
තමන් දෙදෙනොට කාබුල් නගරය සහ ඒ අවට ගමන් කිරීමට අවස්ථාවක් ඇතත් රටින් පිටතට ගමන් කිරීමට අවස්ථාවක් නැති බව හිටපු ජනාධිපති හමීඩ් කර්සායි සදහන් කර තිබෙනවා.
ඔහු පවසා ඇත්තේ දිනපතා විශාල වශයෙන් ජනතාව තමන් හමුවට පැමිණ ගැටලු ඉදිරිපත් කරන බවයි.
ඒවාට සවන්දීමට බාධාවක් නැතත් තමන්ට ඒ වෙනුවෙන් කළ හැකි දෙයක් නොමැති බව ද ඔහු පවසා තිබෙනවා.
මේ අතර එරට වාර්තා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ බලවත් සහ ජනප්‍රිය නායකයන් දෙදෙනෙකු වන කර්සායි සහ අබ්දුල්ලා නිල නොවන ලෙස නිවාස අඩස්සියේ තැබීමට තලේබාන් පාලකයන් ක්‍රියා කර ඇති බවයි.