ඇෆ්ගනිස්ථානයේ පිපිරීමකින් 16 දෙනෙකුට තුවාල

ඇෆ්ගනිස්ථානයේ පිපිරීමකින් 16 දෙනෙකුට තුවාල

ඇෆ්ගනිස්ථානයේ බග්ලාන් (Baghlan) පළාතේ Pole-Khomri නගරයේ සිදු වූ දරුණු පිපිරීමකින් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා ප්‍රාදේශීය රෝහලකට ඇතුලත් කර ඇති බව සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ තලේබාන් සංවිධානය මෙතෙක් පිපිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා නොමැති අතර කිසිදු පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් එහි වගකීම භාරගෙන නොමැති බවයි

පසුගිය 2021 වසරේ අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පාලනය භාර ගැනීමෙන් පසුව, ත්‍රස්තවාදී ප්‍රහාරවල වර්ධනයක් සිදුව ඇති බව ද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළා

Share This