ඇෆ්ගනිස්ථානයේ පුරාවිද්‍යාත්මක ස්ථාන කොල්ලකන තලෙයිබාන්වරු

ඇෆ්ගනිස්ථානයේ පුරාවිද්‍යාත්මක ස්ථාන කොල්ලකන තලෙයිබාන්වරු

චිකාගෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ට අනුව ඇෆ්ගනිස්ථානයේ පුරාවිද්‍යාත්මක ස්ථාන විශාල ප්‍රමාණයක් කොල්ල කෑම සඳහා ඩෝසර් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන් පවසන්නේ චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව පසුගිය රජය යටතේ ආරම්භ වූ කොල්ලකෑම් රටාවන් 2021 දී තලෙයිබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසුව අඛණ්ඩව පවතින බවට ඡායාරූප සාක්ෂි සපයන බවයි.

සමහරක් ක්‍රි පූ 1000ට පෙර තිබූ පුරාණ ලෝකඩ යුගය සහ යකඩ යුගය දක්වා දිවෙන පුරාණ ජනාවාසවලට මේ වනවිට හානි හානි කර ඇති බව සඳහන්.

බොහෝ ස්ථාන හඳුනාගෙන ඇත්තේ උතුරු ඇෆ්ගනිස්ථානයේ බල්ක් ප්‍රදේශයේ වන අතර එම ප්‍රදේශය සහස්‍ර දෙකකට පෙර බැක්ට්‍රියාහි කේන්ද්‍රය ලෙස සලකා තිබෙනවා.

එය ක්‍රි.පූ. 6 වැනි සියවසේ අචෙමනිඩ් අධිරාජ්‍යය යටතේ පුරාණ ඇෆ්ගනිස්ථානයේ ධනවත්ම සහ ජනාකීර්ණ ප්‍රදේශවලින් එකක් වනවා.

චිකාගෝ විශ්ව විද්‍යාලයේ සංස්කෘතික උරුම සංරක්ෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයන් විසින් ඇෆ්ගනිස්ථානය පුරා පුරාවිද්‍යාත්මක ස්ථාන 29,000කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර 2018 සිට බල්ක් කලාපයේ වෙනසක් නිරීක්ෂණය වූ බවයි ඔවුන් සඳහන් කරන්නේ.

කාලයත් සමග එම පෞරාණික ස්ථාන කොල්ලකා සුන්බුන් පමණක් ඉතිරිව ඇති අතර මෙය නැවත්වීමට බලධාරීන් අදාළ ක්‍රියා මාර්ගය ගත යුතු බවයි චිකාගෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This