ඇෆ්ගනිස්ථානයේ භූමිකම්පාවකින් පුද්ගලයන් 20කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
බටහිර ඇෆ්ගනිස්ථානයේ ඊයේ (17) සිදුවූ භූමිකම්පාවකින් පුද්ගලයන් 20 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
එමෙන්ම නිවාස සිය ගණනක් විනාශ වී ඇති බවද ප්‍රාදේශීය බලධාරීහු සඳහන් කරනවා.
රිච්ටර් මාපකයේ 5.6 ක ප්‍රබල කම්පනය ටර්ක්මෙනිස්තානයට මායිම්ව පිහිටි බටහිර පළාතේ බඩ්ගිස් ප්‍රදේශය කම්පනයට පත් කරමින් දැඩි අලාභ හානියක් සිදු කර ඇති බව සඳහන්.
බඩ්ගිස් පළාත් පරිපාලනයේ තොරතුරු හා සංස්කෘතික අධ්යක්ෂවරයා පවසන්නේ මූලික වාර්තාවලට අනුව කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තවත් හතර දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වී ඇති බවයි.
හදිසි අවස්ථා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී Mullah Janan Saeqe මියගිය සංඛ්‍යාව තහවුරු කළ අතර නිවාස 700 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති බව සඳහන් කරනවා.
බඩ්ගිස් අගනුවර ප්‍රධාන රෝහලේ හෙද අංශයේ ප්‍රධානියා වන Sanullah Sabit පැවසුවේ භූමිකම්පාවෙන් තුවාල ලැබූ රෝගීන් පස් දෙනෙකු ඔවුන් වෙත ලැබී ඇති බවත්, බොහෝ දුරට අස්ථි බිඳීම් සහ තුවාල සිදු වී ඇති බවත්ය.
යුරෝපීය-මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානයට අනුව භූමිකම්පාව කිලෝමීටර් 30 ක් (සැතපුම් 19 ක් පමණ) ගැඹුරින් සිදුවී ඇති බවයි පැවසෙන්නේ.